Image

රාජ්‍ය සේවකයි‍න්ගේ වැටුප 50%කින් වැඩි කරයි.!

රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50%ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න සදහන් කරයි.

සියළුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන 2025 ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000 බැගින් ලබාදීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇති බව සදහන් කරයි.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බවත් නව සංශෝධනය සමඟ රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000ක් වන අතර ජීවන වියදම් දීමනාව සමඟ මුළු වැටුප රුපියල් 55,000ක් වන බවද කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න සදහන් කරයි.

විශ්‍රාමිකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500 බැගින් ලබා දීමටත් 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමට ක්‍රියා කරනු ඇති බවද සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මේ බව සදහන් කරයි.

TRENDING POST