Image

එකට එක්වී රට කෑ උන්.. දෙකට බෙදී රෙදි ගලවා ගනිති.. තිස්ස කුට්ටි තවත් මිනියක් ගොඩ දායි.!

ඊයේ (21) අනුරාධපුර පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැලියේදී පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කර ගොවි ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ඩී. වීරසිංහ සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු ඔවුන්ගේම පක්ෂයේ සිට මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන එස්.එම් චන්ද්‍රසේන සහ මහින්දානන්ද අලුත්ගම යන මන්ත්‍රීවරුන්ට චෝදනා කළහ.

එහිදී ඩී වීරසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේ පසුගිය පොහොර අර්බුදය සමයේදී එස්.එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා වැව් වල ඇති රොන්මඩ ගොඩ දමා එම රොන්මඩ වලට ටයර් පුළුස්සා අඟුරු කලවම් කර කාබනික පොහොර ලෙස විකිණීමේ ජාවාරම්ක නිරත වූ බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාද අනුරාධපුර රැලිය අමතමින් පවසා සිටියේ පොහොර අර්බුද සමයේ ගොවියා පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වගකිවයුතු බවයි .

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු අද (22) පිළිතුරු ලබා දුන්හ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.