පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙසට බවද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
ඉදිරියේ තම රජයක් යටතේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද පුද්ගලයන්ට අධිකරණය හමුවේ උත්තර බැඳීමට සිදුවණු ඇති බවද ජන රැළියක් අමතමින් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.

