Image

අපේක්ෂක වත්කම් එළියට.. දුප්පත්ම අපේක්ෂකයා අනුර පොහොසත්ම අපේක්ෂකයා දිලිත්.!

එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් 39 දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභා වෙබ් අඩවියට අනුව ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් පහත දැක්වේ.

අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක්
ඩබල් කැබ් රථයක්

රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල් 97,500
බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක්

සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14ක්
ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

නාමල් රාජපක්ෂ – රුපියල් 454,285
ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

විජයදාස රාජපක්‍ෂ – වැටුප සහ දීමනා රුපියල් 280,000, ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 1,345,000ක් ටොයිටා ලෑන්කෲෂර් v8 ජීප් රථයක්

ජනක රත්නායක – රුපියල් 2,50,000ක්
පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක්

සරත් ෆොන්සේකා – රුපියල් 54,285, දීමනා 263,500ක් සහ ටොයොටා ලෑන්ඩ් කෲෂර් V8 ජීප් රථයක්.

රොෂාන් රණසිංහ – මන්ත්‍රී වැටුප රුපියල් 65,000, දීමනා රුපියල් 340,000 ව්‍යාපාරික වැටුප රුපියල් 500,000), ජපානයේ විදේශ වැටුප රුපියල් ලක්‍ෂ තිහක් සහ ෆෝර්ඩ් මස්ට්ටෑන්ග් මෝටර් රථයක්

දිලිත් ජයවීර – මාසික දීමනා සහ වැටුප රුපියල් 16,500,000ක්.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.