ඉන්ධන ලීටරයක මිල රුපියල් 200කින් අඩු කිරීමට හැකි වුවද පසුගිය මාස හය හත ඇතුළත රුපියල් 15කින් පමණක් ඉන්ධන මිල අඩු කළ බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක සදහන් කරයි.
එනිසා තමන් ජනතාධිපති වූ පසුව සෑම භාණ්ඩයකම මිල ගණන් අඩු කරන බවත් මත්පැන් මිල 25%කින් අඩු කරන බවද ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක සදහන් කරයි.
අපේක්ෂක ජනක රත්නායක තවදුරටත් සදහන් කළේ,
“එළවළු මිල වැඩි වීමට බලපාලා තියෙන්නේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට වසර දෙකකට පෙර මම කෝප් එකේදී කිව්වා ඉන්ධන ලීටරයක මිල රුපියල් දෙසියයකින් අඩු කරන්න පුළුවන් කියලා. හැබැයි පසුගිය මාස හය හත ඇතුළත සිදු වුණේ රුපියල්දහයකින් පහළවකින් ඉන්ධන මිල අඩු කරන එක.
ඒක නිසා වළවළු මිල වැඩි වෙනවා. මගේ රජයක් යටතේ දුම්රියෙන් භාණ්ඩ ප්රවාහනය කරනවා. මත්පැන් වලින් ලැබෙන ආදායම 40%කින් අඩු වෙලා තියෙනවා. එය සම්පූර්ණ ආදායමෙන් රුපියල් බිලියන හැත්තෑවක්. හැම භාණ්ඩයක්ම හා සේවාවක්ම ජනතාවට අඩු මිලට ලබා දෙන්න ඕන.
මත්පැන් මිල වැඩි කළා කියලා මත්පැන් බොන එක අඩු වෙන්නේ නෑ. එකෙන් වෙන්නේ නිතිරෝක මත්පැන් භාවිතය වැඩි වීම. මගේ රජයක් යටතේ මත්පැන් මිල අඩු කරනවා හැබැයි ඒකෙන් කියන්නේ මත්පැන් බොන්න ඕන කියන එක නොවෙයි.”
හෝමාගම ප්රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරතවෙමින් සිටියදී අපේක්ෂක ජනක රත්නායක මේ බව සදහන් කරයි.