Image

ජවිපෙ ඡන්ද ලක්ෂ 04 සීයට දාහකින් වැඩි වුණත් පරාදයි..! – නලීන් බණ්ඩාර

නතා විමුක්ති පෙරමුණට කයිය ගැසීමට මිස රටක් කිරීමට නොහැකි බව චන්ද්‍රිකා ආණ්ඩුවේ අමාත්‍යංශ 04ක් අරගෙන ඔප්පු කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

පහුගිය මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 04ක් බවත් එම ප්‍රතිඵලය 100%කින් වැඩි වුව ද ප්‍රතිඵලය ලක්ෂ 08ක් බවත් ඔහු සඳහන් කරයි.

එම ප්‍රතිඵලය 500%කින් වැඩි වුවත් ලබාගත හැක්කේ ඡන්ද ලක්ෂ 20ක් බවත් එය 1000%කින් වැඩි වුවහොත් ඡන්ද ලක්ෂ 40ක් බවත් නලීන් බණ්ඩාර පෙන්වා දෙයි.

එහෙයින් ජනතා විමුක්ති පෙරමුණට මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව සෑම පැත්තකින්ම තහවුරු වී ඇති බව හෙතෙම අවධාරණය කරයි.

තඹුත්තේගම නගරයේ පැවැති සමග ජන බලවේග ජනහමුවක් අමතමින් නලීන් බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.