Image

ජනපති රනිල්ගෙන් සැර අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ගිවිසුම සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර සංශෝධනය කිරීමට ගියහොත් එළඹෙන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“කණ්ඩායම් විදියට අවුරුදු දෙකකින් එය කළා. රටවල් 18ක්, IMF සංවිධානය, ලෝක බැංකුව, ADB සමඟ ගිවිසුමකට ඇවිල්ල තියෙනවා. ඒ අනුව ඉදිරි වැඩ කරන්න තියෙන්නේ. මම අහන්නේ තමන්ගේ ඡන්ද ප්‍රකාශවලින් කියන දේ කළොත් ගිවිසුම් කැඩෙනවා.

ඒවට වෙනම මුදල් හොයන්න ඕන. වැට් අඩු කළොත් ආදයම් බදු වැඩි කරන්න වෙනවා. එකක් වෙනස් කරන්න බැහැ. ට්‍රිලියන 5 සොයන ක්‍රමය වෙනස් කළ හැකියි. හැබැයි ඉල්ලක්කයේ ඉන්න ඕන. ඉතින් මේ ඉලක්කේ දෙන්නේ නැතිනම් මොකද්ද වෙන්නේ. ඒ අය කියනවා IMF එක එක්ක අපි කතා කරනවා කියලා.

IMF සමඟ කතා කළාට වැඩක් නෑ, බලතල නැහැ. රටවල් සමඟ කතා කරන එක පහසු නැහැ. ඒ අය ඇවිල්ල බලන්නේ ගිවිසුම් අනුව ක්‍රියාකළාද.? ඊළඟ මාස හයේ කරන්නේ මොනවද.? බලනවා. අපි කිව්වොත් සංශෝධනය කරනවා කියලා. එහෙනම් ආයිත් සූදානම් වෙන්න පෝලිම් යුගයකට.”

නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST