මිනුවන්ගොඩ පොලිසිය ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකුට කඩුවකින් පහරදී තුවාල කළේ යැයි කියන සිදුවීමකට අදාලව සමගි ජන බලවේගයේ දේශපාලන ආධාරකරුවෙකුට අත්අඩංගුවට ගත් බවයි.
මේ වන විට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා කඩු පහරට ලක් වූ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයාගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි.
කඩු පහරට ලක්ව රෝහල්ගතව සිටින ජාජබ සාමාජිකයාගේ නිවසට කඩා වැදුණු සැකකරු නිවසේ තිබූ මල් පෝච්චි ආදිය පොළොවේ ගසා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත, එහිදී සිදු වූ බහින්බස්වීමකින් පසුව සඟවාගෙන සිටි කඩුවක් ගෙන කඩුවෙන් පහරක් එල්ල කළ බව තුවාල ලැබූ පුද්ගලයා පොලීසියට පවසා ඇත.

