Image

ජනපති රනිල්ගේගේ අභියෝගයට සජබෙන් පිළිතුරු… IMF සමග සාකච්ඡාවකට සූදානම්..!

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (27) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව නිවේදනය කළේය.

එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, යෝජනා සහ කොන්දෙසි ලෙස රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස නොවන බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති කොන්දේසි සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විඩියෝ සාකච්ඡාවකට එකතු වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට ආරාධනා කළ බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

රටේ ආර්ථික අර්බුදය හමුවේ රට බංකොලොත් ලෙස ප්‍රකාශ කිරීමට පෙර, පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු යැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.