Image

මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තොත් ජනතාව මැරෙන්නේ ලේ ගිහිල්ලා…! – සුජීව සේනසිංහ

ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වුවහොත් මේ රට ඉතිරි නොවන බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ බලයේ සිට ණය ගෙවාගත නොහැකිව රට හොම්බෙන් ගිය ද යන්තම් නහය උඩ තබාගෙන සිටිය හැකි වනු ඇති බවයි.

බංකොලොත් රට නැවත බංකොලොත් වුවහොත් කියුබාව වෙනිසියුලාව මෙන් පිටි පාන් පෝලිම් ඇති වීම අනිවාර්ය බව ද හෙතෙම අවධාරණය කරයි.

මූණත් සමග තරහ වී නහය කපාගත හොත් ජනතාව ලේ ගොස් මැරෙනු ඇති බවත් පාලකයන්ට පාඩම් ඉගැන්වීමට ගිය ජනතාවට ම පාඩම් උගත හැකි වනු ඇති බවත් සුජීව සේනසිංහ ප්‍රකාශ කරයි.

TRENDING POST