Image

රනිල් පැරදුණොත් මිනිස්සු රට අතහැරලා යනවා…! – රාජිත

මෙවර මැතිවරණය වෙනදා මෙන් නොව මෙය යුද්ධයක් වැනි දෙයක් බවත් මැතිවරණය පරාද වුවහොත් බොහෝ දෙනා රටින් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

එම නිසා මෙවර ජන්දය දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයාට නොව රටවෙනුවෙන් බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ විසින් වැඩපෙන්වා ඇති අතර තවත් කෙනෙකුට ට්‍රයි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ට්‍රයි කරන්නට ගොස් වැරදුණොත් ඊළඟට සිදුකරන්නේ කුමක්ද යන්න මන්ත්‍රීවරයා විමසයි.

මේ වන විට රට හොඳ තත්ත්වයකට පත්ව තිබෙන අතර ජාත්‍යන්තරයත් හොඳ අවබෝධයකින් පසුවන බවත් ආයෝජන පවා එන්නට පටන් ගෙන තිබෙන බවත් ඔහු තව දුරටත් කියාසිටියි.

පසුගිය වර පොහොට්ටුවේ ගෙවල් මෙන් මෙවර අනෙක් ගෙවල් ගිනි තැබීමට ඉඩ ඇතැයි ද ඒ සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බව ද රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.