Image

රටම කැළඹු ඝාතනයේ දෙවැනි වෙඩික්කරු අත්අඩංගුවට.!

අතුරුගිරිය පොලිස් වසමේදී ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි එම සැකකරුවන් දෙදෙනා පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු වයස අවුරුදු 32ක් වන නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 29ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

TRENDING POST