Image

මහනුවර අනවසර ඉදිකිරීම් 111 ක්

මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ මේ වසරේදී ඉදිකිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව අනවසර ඉදිකිරීම් 111 ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසයි.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට ලබා දී ඇති පිළිරේ මේ බව සඳහන් කර තිබේ.

මහනුවර මහ නගර සභාවේ තොරතුරු නිලධාරි සහ ප්‍රධාන නාගරික ඉංජිනේරු අයි.කේ.එම්.සි.කේ. ඉලංගසිංහ මහතා විසින් ලබා දී ඇති එම තොරතුරු අනුව හඳුනා ගෙන ඇති මෙම අනවසර ඉදිකිරීම් 111 සම්බන්ධටෙන් නගර සභා ආඥාපනත සහ නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සඳහන්කර තිබේ.

මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුල සිදු කරන අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතා බහක් ඇතිව තිබූ අතර ඒ සම්බ්න්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කරනු ලැබීය.

මෙම අනවසර ඉදිකිරීම් ග්‍රාම නිලධාරි මට්ටමින් ලබා දෙන ලෙස ඉල්ල සිටියත් එලෙස ලේඛණගත කර නොමැති බවද එම තොරතුරුවල සඳහන් වෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.