Image

එජාපය ඇතුළේ ගැටුම්… රංගෙ වේදිකාවෙන් බසී…!

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන්ට වගකීම් භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

ඒ අනුව, කොළඹ රැඳී නොසිට තම තමන්ගේ ආසනවල ගොස් ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගිය දිනවල පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතවී නොසිටි බව වාර්තා වේ. කෙසේ වුව ද ඔහු පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගිවී සිටි අයුරු දක්නට ලැබිණි.

TRENDING POST