ලංකාවේ පාසලින් ඉවත් කර සජිත් ප්‍රේමදාස අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට පිටක් කළේ මොළය දෙන්න බැරි නිසා යැයි ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පවසයි.
“සජිත් ප්‍රේමදාස අඩු තරමේ සාමාන්‍ය මිනිසුන්ගේ සුවඳක් හරි, ගඳක් හරි ඔය කියන එකක්වත් තමන්ට වද්දගන්න කැමැති නැති කෙනෙක්. සජිත් අතට අත දෙන්නෙත් නෑ.
ඒගොල්ලෝ හැම තිස්සේම මහ ජනතාව දුරින් තියාගෙන ඉන්නේ. සජිත් ප්‍රේමදාස ගියපු ඉස්කෝලෙටවත් යන්න බෑ, ඒ කාලේ ඇමැති පුතා වුණ නිසා ඉස්කෝලේ දාගත්තාට මොළය දෙන්න බැරි නිසා ඇරියා එංගලන්තෙට.
ඔය එයා කියන school of economics උසස් අධ්‍යාපන ආයතනයේ සම්පූර්ණ පාඨමාලාව අවසන් කරයි කියපු සහතිකේ පුළුවන්නම් ඉදිරිපත් කරන්න.
මේ දේශපාලන වරප්‍රසාද නිසා ම තැනකට ගිය කෙනෙක් නාමල් රාජපක්ෂ. එංගලන්තෙ ගිහිල්ලා ඉගෙන ගත්තේ ඒ තාත්තගේ දේශපාලන හයියට, හම්බ කරපු දේවල්වලින්”

