ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කරන ලෙසට ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.
සැකකරු බන්ධනාගාරගතව සිටින නිසා ඔහු විශාදයෙන් මේ වන විට පෙළෙන බවත් එම නිසා ඔහු සියදිවි හානිකරගත හැකි බවට පළමු සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණය වෙත පෙන්වා දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ප්‍රකාශ කර ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට තවදුරටත් නිසි ප්‍රතිකාර නොකළොත් පුර්ණ අංගවිකලතාවයකට පත්විය හැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කර ඇත.
නීතිඥවරයා කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කරමින් ඔහුව වෛද්‍ය මණ්ඩලයට යොමු කර ඇති බැවින් එම වාර්තා ලැබුණු පසු ඇප ලබාදීම සඳහා ඉල්ලිම සලකා බලන බවට තීරණය කර ඇත.