Image

කට වහගෙන වැඩ කරනු… මාලිමාව මහ බැංකු අධිපතිට දැනුම් දෙයි

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය සම්බන්ධ ප්‍රකාශ සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බවට ජාතික ජන බලවේගය චෝදනා කරයි.

එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා සංශෝධනය කළහොත් රටට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි මහ බැංකු අධිපකි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය මතු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු එක් මහ බැංකු අධිපතිවරයෙකු වරදක්කරු කර ඇති බව සිහිපත් කළ නලින්ද ජයතිස්ස, මහ බැංකු අධිපතිවරයා දේශපාලනඥයන් කියන දේ ප්‍රකාශ නොකළ යුතු බවත් විෂය දැනුම භාවිත කරමින් ප්‍රායෝගික දේවල් පමණක් ප්‍රකාශ කළ යුතු බවත් වැඩි දුරටත් පැවසීය.

TRENDING POST