Image

චින්තන ප්‍රතිපත්තිය එළියට.. නාමල්ට 35%ක ඡන්ද ප්‍රතිශතයක්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ලබාගන්නා බව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ “මහින්ද චින්තන” ප්‍රතිපත්තිය සමඟ රටේ ජනතාව 35%ක් නිශ්චිතවම රැඳී සිටින බවත් එම ප්‍රමාණය නාමල් රාජපක්ෂට හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

කිසිදු අපේක්ෂකයෙක් 50%ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වන බවත් 35%ක් ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය කළ හැකි බවද සදහන් කරයි.

ඒ අනුව 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට ජයග්‍රහණය කළ හැකි බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST