Image

විජයදාස රනිල්ට – සජිත්ට – අනුරට අභියෝග කරයි.!

ජනාධිපති අපේක්ෂකයින් 37 දෙනා එක පැත්තක තබා තමන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත විවාදයකට සූදානම් බවත් සියලු අපේක්ෂකයින්ට අභියෝගයක් කරන බවද ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

අපේක්ෂක විජයදාස රාජපක්ෂ සදහන් කළේ,

“මැතිවරණ වියදම් නියාමන පනත අපි ඇති කළත් මැතිවරණ කොමිෂන් සභාව රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියා අප තව වතාවක් උසාවේ යනවා. ජනාධිපතිවරණයට කෝටි 186 ක් එක අපේක්ෂකයකුට වියදම් කරන්න අවසර දුන්නා.

අපේක්ෂකයින්ගේ වත්කම්වල පෙන්නන්නෙ ලක්ෂ දෙකයි තුනයි. කොරෝනා කාලේ මිනිස්සු කන්න නැතුව මැරිල වැටෙද්දි මෙහෙම වියදම් කරන්න සල්ලි කොහෙද තිබුණේ. ජීවිතයට රස්සාවක් කරලා නැති මිනිස්සු කෝටි 186ක් වියදම් කරන්නේ කොහොමද.?

මේ ඔක්කොම හොර සල්ලි, හොරකම් කරපු කප්පං ගත්ත පාතාලයෙන් හම්බ කරපු ඒවා. අපේ රටේ කළු සල්ලි තියෙනකම් උගතෙකුට වැදගතෙකුට තරුණ තරුණියකුට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කමක් නැහැ.

ඊළඟ පාර්ලිමේන්තුවේ 225න් 200ක්ම ගෙදර යවන්න පුළුවන්. දූෂණයෙන් තොර වංචාවෙන් තොර තරුණ තරුණියන් පිරිසකට අපි නායකත්වය දෙනවා. නිදහස් පක්ෂයේ දූෂිතයෝ දෙපැත්තට ඛෙදුණා මම මැද තනිවුණා.”

වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් අපේක්ෂක විජයදාස රාජපක්ෂ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.