වැටුණු රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර සහයත්, පලපුරුද්ද හා අද්දැකීම් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ජා ඇල පැවති ජන රැලියකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,
“මේ රට වැට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ රාජපක්ෂ පවුලම මේ රට වැට්ටුවා. අද මෙතන ඉන්න සියලු දෙනාම එතුමන්ලාව බලයට ගේන්න වැඩ කළා. නමුත් ඒ අය රට, ජනතාව, අපිව නන්නත්තාර කළා. ඒ වට්ටපු රට අවුරුදු දෙකෙන් ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ. වට්ටපු රට ගොඩ ගන්න සජිත්ට එන්න කිව්වා අවේ නැහැ. අනුරට එන්න කිව්වම ආවේ නැහැ. තනි රනිල් වික්‍රමසිංහ වගකීම භාර අරන් රට ගොඩගත්තා.
ඒ නිසා අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කළගුණ සලකන්න. හෘද සාක්ෂියට අනුව කළගුණ සලකන්න ඕන. පාරේ බැහැලා යන්න බැරුව ඉන්නකොට, අපිට ඉන්ධන ටිකක් ගන්න, බෙහෙත් ටික නැතිව ඉන්නකොට, රෝහල්වල මිනිස්සු මැරෙද්දි, පොහොර ටික නැතුව ගොවියන්ට ගොවිතැන කරන්න බැරුව ඉද්දි, අපේ ළමයින්ට පාසල් යන්න බැරුව තිබුණු මේ රට භාරගන්න එක මිනිහෙක් ඉදිරිපත් වුණේ නෑ.
අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රට තිබුණු තත්ත්වය අපි හැමෝටම හොඳට මතකයි. ඒ තත්ත්වය පොඩ්ඩක් මතක් කරලා බලන්න. ප්‍රභාකරන් කියලා තියෙනවා අපිට කෙටි කාලයයි මතක කියලා. මේ රට භාරගන්න සජිත් ඉදිරිපත් වුනෙත් නෑ. අනුර කුමාර ඉදිරිපත් වුනෙත් නැහැ. තනි මන්ත්‍රී ධූරයක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා. බය නැතුව ඉදිරිපත් වෙලා භාර ගත්තා. ඒ වෙලාවේ රට බාරගන්න බයයි. ගෙවල් ගිනි තියෙනවා. මම ගියා සජිත් එක්ක සාකච්ඡාවට මේ රට බාරගන්න කියන්න. අම්මෝ මේකට කර ගහන්න බෑ කිව්වා.

