Image

මහින්දගේ පිංපොං, අර්ජුන් කමලනාත් රනිල්ට

රංගන ශිල්පීන් දෙපලක් වන රජිත හිරාන් සහ අර්ජුන් කමලනාත් යන අය එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වීමට එක්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාවන්හී දක්නට ලැබුණත් පසුපෙළ ආසන ඔවුන්ට පනවා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

රජිත හිරාන්ට සහ අර්ජුන් කමලනාත්ට මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ලබාගත් බවටද චෝදනා එල්ල වුණා.

රාජපක්ෂ හිතවාදීන් දෙපලක් ලෙස කාලයක් පුරාවටම කටයුතු කළ ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටද ක්‍රියාකාරීව එක්ව සිටියා.

පසුව ගෝඨාභය රාජපක්ෂ පාලනය දැඩිව විවේචනය කරමින් ඔවුන් පැවසුවේ රාජපක්ෂලා මෙතරම් අසාර්ථක පාලකයන් බවට තමන් කිසිසේත් විශ්වාස නොකළ බවයි.

TRENDING POST