Image

ජනපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් ඡන්ද දායකයින් වෙත – නොමිලේ බෙදාහැරීමේ තීරණයක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා කියා සිටියේ එම පහසුකම නොමිලයේ සිදුකිරීමට කටයුතු සලසා ඇති බවයි.

ඒ අනුව අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ අපේක්ෂක එහි නායක පා.ම අනුර කුමාර දිසානායක සහ සර්වජන බලය අපේක්ෂක දිලීත් ජයවීර යන ජනාධිපති අපේක්ෂකයින් මේ වනවිට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

TRENDING POST