ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කඩා දැමුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය කඩා දැමුවත් තමන් ජේ.ආර්. ජයවර්ධන සේම රටේ ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරවීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,
“රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි. අනුර සජිත් බදු අඩු කරන බව කියනවා. බදු අඩුකර සහන දෙන්නේ කොහොමද.? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.
වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ.
අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා. නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා.
රැකියා බැංකුවක් ඇතිකර රටේ රැකියා ගැන දැනුවත් කරන බව ජවිපෙ කියනවා. රැකියා නැති නිසා ඒ බැංකුව බංකොලොත් වෙනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තියේ රැකියා ගැන එක වචනයක්වත් නැහැ. ඡන්දය දෙන්න කියන්නේ මේ අයටද.?
මා නියෝජනය කරන්නේ ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස පක්ෂය කඩා දැමුවත් පසුව මම ජේ.ආර්. ජයවර්ධන සේම ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරෙව්වා. ඒ බව මතක තියාගන්න.”
ජන රැළියක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

