ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැන් කිසිවිටක ජයග්‍රහණය කළ නොහැකි බවත් සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය ඇත්තේ අනුර කුමාර දිසානායකට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
සජිත් ප්‍රේමදාසට ඡන්දයක් ලබාදීම යනු අනුර කුමාර දිසානායකට ඡන්දය ලබාදීම හා සමාන බවට එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
එනිසා රට ජයග්‍රහණය කිරීම සඳහා මේ මොහොතේ එක්ව කටයුතු කරමු යැයි සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
රටේ හැම පැත්තෙන්ම තමන් සහයෝගය ලබාගෙන සිටින බවද හලාවත පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

