Image

ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කරයි.!

මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

සැප්තැම්බර් මස (15) වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතව ඇත.

අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති අතර මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

TRENDING POST