ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර බෙදීමක් තිබුණද ඔවුන්ගේ යටි පෙළ අතර එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
දෙපාර්ශවය බෙදී තරග කිරීමේදී දෙපාර්ශ්වයටම අවාසි බවත් ජාතික ජන බලවේගයට වාසි සහගත බවත් එනිසා එක්විය යුතු බවට මොවුන් සාකච්ඡා කරමින් සිටින බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා මේ වනවිට සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
කෙසේ වෙතත් ඕනෑම ආකාරයේ සැලසුමක් සඳහා දැන් ප්‍රමාද වැඩි බවත් කවුරුන් මොන ජාතියේ වෙට්ටු දැම්මත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවද සදහන් කරයි.
ජාතික ජන බලවේග ජන රැළියක් අමතමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

