Image

රථ වාහනවල ඡන්ද ප්‍රචාරණ දැන්වීම් තහනම්… අපි ගලවන්න කලින් ගලවගන්න..! – පොලිසිය

වාහනවල දේශපාලන පක්ෂ ප්‍රචාරණ දැන්වීම් ඇලවීම නීතිය ඉදිරියේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බවයි.

“අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම. සමහර වෙලාවට කියන්න පුළුවන් හදිසි ගමනක් යන්නේ, තම දරුවා පාසලට රැගෙන යන්නේ වගේ විවිධ දේවල්. නමුත් ඒ මොනවා කිව්වත් සමාවට කාරණයක් විදියට ගන්නේ නැහැ. මාර්ගයේදී නතර කළොත්, ඒ වාහනයේ යම්කිසි ආකාරයකට ස්ටිකර්ස් හරි පොස්ටර්ස් හරි තියෙනවා නම් අපි අනිවාර්යයෙන් ගලවා ඉවත් කරනවා.

ඒවා ගලවනකොට තදින් අලවලා තියෙනවා නම් වාහනයට වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වහාම ඔබ ඔබගේ වාහනවල මේවා අලවලා තිබෙනවා නම් පොලීසිය මැදිගත් වෙලා ඉවත්කරගන්න කලින් ඔබට පුළුවන් නිදහසේ ගලවා ඉවත් කරන්න.”

TRENDING POST