Image

රනිල් අනුර නාමල් ඇත්ත නොකියන බවට දිවුරුම් ප්‍රකාශයක් දුන්නා…! – දිලිත්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනා සිය වත්කම් පිළිබඳ ව්‍යාජ තොරතුරු දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කර ඇතැයි සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

“අපේ බබාට තියෙන්නේ මෝටර් සයිකලයක් විතරයි. ඔහුගේ ආදායම ලක්ෂ 03යි. ජනාධිපතිතුමාගේ ආදායම ලක්ෂ දෙකහමාරයි. එතුමාට විශ්‍රාම වැටුපක් මම දෙන්න පොරොන්දු වුණා.

සජිත් ප්‍රේමදාස විශාල ණයක් අරන් තියෙනවා. මාසෙට ලක්ෂ තුනක් ණය ගෙවන්න තියෙනවා. අනුර කුමාර ඉන්නේ ඊටත් වඩා දරුණු අඩියක. ඔහුට තුන්වේල කන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

මේ අය අපි ජීවිතේට ඇත්ත කියන්නේ නෑ කියලා දිවුරුම් ප්‍රකාශයකින් ද දීලා තියෙනවා. මේ අය අභියෝගයට ලක් කරන්නේ ජනතාව පාරට බැහැලා ඉල්ලූ වෙනස.

මේ අය තමන්ගේ වැඩපිළිවෙළ ගැන විවාදයකට කතා කළා ම නොඑන්නේ ඒවා අවුරුදු 70 ගාණක් තිස්සේ කිසිම වගකීමක් නැතිව ලීව හිස් කොළ වගේ නිසා තමයි.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.