Image

රනිල්-සජිත් එක් කිරීමට බලවත් රටත් වේගවත් මෙහෙයුමක

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබේ.

මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඔහු යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට එම සැලසුම වෙනස් කොට සජිත් ප්‍රේමදාස මහතා ජනපති කොට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම දක්වා එම සැලසුම සංශෝධනය වී ඇති බවද සඳහන් කර ඇත.

එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පිටුපස සිටින්නේ ලොව බලවත්වම බටහිර රාජ්‍යයක් බවද ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කරයි.

TRENDING POST