පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස නව ජනාධිපතිවරයා බවට පත්වූ පසු ඉදිරිපත් කරන පළමු කැබිනට් පත්‍රිකාව ගැන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අදහස් පළ කරයි.
පසුගිය දිනවල පිල් මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලද මත්පැන් බලපත්‍ර එම කැබිනට් පත්‍රිකාව මගින් අහෝසි කරන බව මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කරයි.
මත්පැන් බලපත්‍ර සඳහා දැනටමත් කෝටි ගණන්වලට මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒවා ලබාගත් අය ඉක්මනින් ඒවා ආපසු ලබාදී මුදල් ලබාදෙන ලෙසද මන්ත්‍රී නලින් බණ්ඩාර ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සදහන් කරයි.

