Image

රනිල් මැතිවරණ ආචාර ධර්ම කඩ කරයි.. ස්ටිකර් ඇලවු ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට.!

ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහට සහය පළ කරමින් ප්‍රචාරණ ස්ටිකර් අලවා තිබෙන ත්‍රිරෝද රථ වල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝග කර ඇත.

මැතිවරණ ආචාරධර්ම පිළිබඳ නිකුත් කළ ගැසට්‌ නිවේදනයට අනුව ඡන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර් වැනි ප්‍රචාරණ දැන්වීම් අදාළ අපේක්ෂකයා ගමන්ගන්නා වාහනයේ පමණක් ප්‍රදර්ශනය කිරීමටයි අවසර ලැබී ඇත.

අපේක්ෂකයන් ගමන්ගන්නා වාහන හැර අනෙකුත් කිසිදු වාහනයක මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම මැතිවරණ ආචාර ධර්ම කඩකිරීමක් බවත් තැපැල් ඡන්ද විමසීම ත්‍රියාත්මක පසුබිමක මෙවැනි ට්කර් ප්‍රචාරන වැඩසටහන් ක්‍රියාත්මක වීම සද‍ාචාරාත්මක නොමැති බවයි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සදහන් කරයි.

ගාලු මුවදුර පිටියට ත්‍රිරෝද රථ රියදුරන් ගෙන්වා සංවිධාන කර තිබූ ප්‍රචාරණ වැඩසටහන සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකින් පසුව කොළඹ දිස්ත්‍රික්කය තුල එවැනි ප්‍රචාරන ස්ටිකර් අලවා ඇති වාහන හා එහි හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.