මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරන ප්‍රචාරක කටයුත්තක නිරත වෙමිස් සිටි 34 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් ඊයේ (4) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා 34 දෙනෙකු බලහත්කාරයෙන් නිදහස් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
බදුල්ල පොලීසිය විසින් එහි මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිල්ලක් අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුනි.
ඒ සම්බන්දයෙන් උරණ වූ රාජ්‍ය අමාත්‍යවරයා පොලීසියට කඩා පැන එහි සිටි පොලිස් නිලදාරීන්ටද බැන වැදී එම පිරිස මුදාගෙන ගොස් තිබූ අතර පසුව අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා හමුවී තම ආධාර කරුවන්ට අගතියක් සිදුව ඇති බවට පොලීසියට එරෙහිව පැමිණිල්ලක්ද කර තිබුනි.

