Image

ජනාධිපතිවරණ විවාදයට දිලිත් පමණක් එයි.. සියළු අපේක්‍ෂයකයන් පොල්ල තියයි.. දිලිත්ට කෝටි ගානක මාධ්‍ය ආවරණයක්…

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් අතර වන විවාදය මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.

නමුත් අද විවාදයට ආරාධනා කර ඒවා පිළිගෙන තිබූ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ හා පී අරිනේත‍්‍රන් යන අපේක්‍ෂකයන් ඊට සහභාගි නොවීය.

ඒ අනුව අද පැමිණ සිටි දිලිත් ජයවිර මහතා සමග පමණක් සංවාදයක් පවත්වන ලදී..

සංවාදය සංවිධානය කර ඇත්තේ මාර්තු 12 ව්‍යාපාරය විසිනි.

විවාදයට අද දිනයේ සහභාගී වීමට හැකියාවක් නැතැයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ලිඛිතව දන්වා ඇති අතර අනුර දිසානායක මහතාද සහභාගී නොවන බව සංවිධායකයන් හරහා දැනුම් දී ඇත.

මෙම විවාදය රූපවාහිනි නාලිකා රැසක්, සමාජ ජාලා රැසක් ඔස්සේ සජීවීව විකාශය විය

TRENDING POST