Image

මාලිමාව දින්නොත් දලදා පෙරහැරත් නැති වෙනවා..- දඹර හිමි

ජතික ජන බලවේගය නමින් පෙනී සිටින කොමියුනිස්ට් අදහස් වලින් පෝෂිත ජනත විමුක්ති පෙරමුණට මේ රටේ පාලන බලය ගියහොත් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් හා සමාන පාලනයක අත්දැකීම් ජනතාවට අත්විඳීමට සිදුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති දඹර අමිල හිමියෝ පවසති.

සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ හා සිදු කරන්නට නියමිත ශාස- නික වැඩ කටයුතු සම්බන්ධව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දැනුම්වත් කර ඒ සඳහා ආශිර්වාද ලබා ගැනීමට මල්වතු මහා විහා- රයට පැමිණි අවස්ථාවේ අමිල හිමියෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූහ.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවි- ද්‍යාලයේ නූතන භාෂා අංශයේ අංශාධිපති මහාචාර්ය නැදලගමුවේ ධම්ම- දින්න හිමි සහ සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු අංශ ප්‍රධානී ධනවර්ධන ගුරුගේ මහතා සහභාගි වූහ.

කොමියුනිස්ට් රාජ්‍යයක ආගම හඳුනවන්නේ අබිං ලෙස බවත් ඒ අනුව ජවිපෙ පාලනයක් තුළ රටේ කිසිදු ආගමකට පැවැතිය නොහැකි බවත් උන්වහන්සේ කීහ.

තවදුරටත් අමිල හිමියෝ මෙසේද පැවසුහ.

මේ අවස්ථාවේ රටට සුදුසු පාලකයා කවුද කියලා ජනාධිපති අපේක්ෂක වරු ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන ඔස්සේ අපිට තේරුම් ගැනීමට පුළුවන්. ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු පනත ආදිය මේ රටේ බලා- ත්මක වුණේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේදීයි. ඒ යහපාලන ක්‍රියාවලිය නතර කළ තැනින් යළි පටන් ගන්න ඕනෑ. පසුගිය කාලය තුළ සම්බුදු සසුනට වඩාත්ම වටිනා සේවාවන් රැසක් කළේ සජිත් ප්‍රේමදාස මහතායි. භික්ෂු උපදේශක සභාව විදිහට සසුනට අරුණ වැඩසටහන මඟින් සිදු කළ හා ඉදිරියේ දී සිදු කරන්නට නියමිත වැඩ- සටහන් සම්බන්ධයෙන් අපි පොතක් මුද්‍රණය කළා. එහි පිටපතක මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූවා.

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී අදහස් දරන කණ්ඩායමක්. ඒ අයට කොහොමත් ආගමක් තියෙන්න බැහැ. දැන් ඒක මාලිමාවෙන් වහගෙන ඉන්න පුළුවන්. කොමියුනිස්ට් රාජයයක ආගම් තිබෙන්න බැහැ. ආගම් තිබුණොත් ඒක ප්‍රතිරෝධතාවක්. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බලයට ආවොත් නිරාගමික රාජ්‍යයක් බිහි වන්නේ. ඒ විතරක් නොවෙයි කතා කිරීමේ නිදහසත් නැති වෙනවා. චීනයේ පස් දෙනෙකුට එකතු වෙලා කතා කරන්න බැහැ. උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිස්ටික් ගොන්න බැහැ. මේවා කොමියුනිස්ට් රාජ්‍යයන් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ.

ආගමට සැලකීමක් නැහැ කියන කොට එතන දී අනිවාර්යයෙන්ම සියලු ආගම්වලට හානියක් වෙනවා. දළදා පෙරහර රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන්නේ. කොමියුනිස්ට් පාලනයක් යටතේ ඒවා සියල්ල නැති වෙනවා. ජාතික ජනබලවේගයේ උපුල් කුමාරප්පෙරුම නීතිඥවරයා කියනවා පෞද්ගලික පාසල්, ආගමක සම්බන්ධ නිදහස සියල්ල ඒ අයගේ පාලනයක් යටතේ ආරක්ෂා වෙනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජාතික ජන බලවේගයේ කුඩා කෑල්ලක් අපි තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා තියෙන්නේ කියලා නීතිඥ උපුල් කියනවා. ඒ අය තමයි මාලිමාවේ ලිබරල් කොටස නියෝජනය කරන්නේ. ඒත් ටිල්වින් සිල්නා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ටික තමයි මාලිමාව කියන්නේ කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම් කුඩු පට්ටම් කරලා දානවා කියලා සමන්ත විද්‍යාරත්න කියනවා. ව්‍යාපාරික හමුවේ දී අනුර කුමාර කියන්නේ මේ තියෙන ගිවිසුම්වලට අදා- ළව කටයුතු කරගෙන යනවා කියලා. මෙතන හුටපටයක් තියෙනවා කියලා හොඳටම පේනවා.

බැරිවෙලාවත් මේ කණ්ඩායමට බලය ගියොත් පසුවදා ඉඳලම කවල්. මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ හයිජැක් කරලා තියෙන්නේ. මම මේ රටේ තරුණ තරුණයන්ට කියන්නේ මුහුණ එක්ක තරහා වෙලා නහය කපා ගන්න එපා කියලයි.

TRENDING POST