Image

ජනතාව වෙනුවෙන් හඬ නැගු අනුරට අසනීපයි.. සුළු විවේකයක්.!

පසුගිය දින කිහිපයම පුරාම ජනාධිපතිවරණ රැලි අමතමින් වෙහෙස මහන්සි වූ නිසා ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකට හදිසි අසනීප තත්ත්වයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබු දෙයියන්දර ජන රැළිය ඇමතීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී නොවන බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට වෛරස් උණ රෝගය වැළඳී ඇති බැවින් සුළු විවේකයක් ගැනීමෙන් පසු නැවතත් වේදිකාවට එක් වනු ඇති බවද ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

TRENDING POST