පසුගියදා බදුල්ල පොලිස් ස්ථානයට ඇතුළු වී පොලිස් නිලධාරින්ට බැන වැඳී අත්අඩංගුවේ සිටි පුද්ගලයින් මුදවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් පක්ෂය ප්‍රවර්ධනය කරන ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට සිටි 34 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
කෙසේ වෙතත් අනතුරුව එලෙස අත්අඩංගුවට ගත් පිරිස සිය ආධාරකරුවන් යැයි පවසමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට ගොස් එම අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ බදුල්ල පොලිස් නිලධාරින් අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇත.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයට ද පැමිණිල්ලක් ලැබී ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.

