Image

රනිල් ශේප් වෙන්න ෆුල් ට්‍රයි.. කොහොම ආවත් මහ බැංකුව කඩපු එකනම් හොයනවා.!

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව අමතමින් පවසා සිටියේ,

“අනුර මගේ යාලුවා” යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාව ශේප් කරගැනීමේ උත්සාහයක යෙදී සිටිනා බවයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“මා මිත්‍ර අනුර යැයි කියමින් රනිල් වික්‍රමසිංහ මාව ෂේප් කරගන්න හදනවා.. මොනතරම් ෂේප් වෙන්න ආවත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණයනම් කරනවා.. ඒ හොරු සියළු දෙනා නීතිය හමුවට ගේනවා.. මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර.. රනිල් ඔය එන්නේ ෂේප් වෙන්න.. ඒ නිසා යාළුවා යාළුවා කිය කියා මොනතරම් ෂේප් වෙන්න උත්සහ කලත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ කටයුතු කරනවාමයි..”

TRENDING POST