ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදීයාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අදහස් පළ කරයි.
මෙරට ඉතිහාසයේ ශක්තිමත් කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවත් තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවද සදහන් කරයි.
අමාත්‍යංශයක් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් මෙන්න.
අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක
සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මුදල් අමාත්‍යාංශය – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ
බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකදී අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

