Image

අනුර – රනිල් මුහුණට මුහුණ විවාදයක්.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ඒ වෙනුවට දෙදෙනා සමග සජීවී විවෘත විවාදයක් සඳහා ආරාධනා කරන බවත් එවිට දෙනාටම ඇති ප්‍රශ්න දෙදෙනාටම විමසා දැන ගත හැකි බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ නිතර නිතර අමතන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම් වලින් ෂේප් වීමට බවත් තමා ඒවාට අහුවෙන්නේ නැති බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“රනිල් වික්‍රමසිංහ දැන් එක එක ඒවා කියන්න පටන් අරන් තියනවා. මම දැක්කා හැම තැනම කියනවා අනුර මගේ යාළුවා, මා මිත්‍ර අනුර. ඔය එන්නේ මොකටද දන්නවාද ෂේප් වෙන්න. ඒවාට අහු වෙන්නේ නෑ අපි.

එයා ආපහු කියනවා එයා මොනවාද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා. හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු.

අපි සූදානම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි ඔයාව ප්‍රශ්න කරන්නත්. එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා එහෙම වැඩක් තියනවාද.? අපි එක තැන වාඩි වෙලා ඔයා අහන්න මම කියන්නම්.. මම අහන්නම් ඔයා කියන්න.”

ආණමඩුවේ පැවති ජන රැළියට එක්වෙමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST