Image

පාස්පෝට් පෝලිම ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවේ..ටිරාන් උත්තර දෙයි.!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් වලට හේතුව ආණ්ඩුව නොවන බවත් ඒ පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බවත් ය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රජයට චෝදනා කර සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවයි.

එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්,

“පාස්පෝට් පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකමක් හින්දා නෙමෙයි. අපි මුලින් පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා. විනාඩි 15ක් 20ක් යද්දී ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කණ්ඩායමක් සිම් පත් 100ක් විතර අරගෙන ක්ෂණිකව එපොයිමන්ට් ටික අරගන්නවා.

එහෙම ගත්තු එපොයිමන්ට් මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. අපි ඒක දැනගත්තට පස්සේ වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න අරින්න කිව්වා, ඊට පස්සෙත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ. පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට. ඊට පස්සේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා. ඒ ඔක්කොම බොරු. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.