Image

සීතා අරඹේපොළට තවත් රාජ්‍ය අමාත්‍යංශයක්

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබෙනවා.

මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කටයුතු කළේ.

කෙසේ වෙතත්, වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව දැනට දරුණු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

TRENDING POST