‘අනුර දිසානායක කියන්නේ මේ රටේ නොම්මර එකේ මිනීමැරුවා. ඔවුුන් භීෂණය වපුරනවා’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මාතලේ නාවුල නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමින් ඔහු මෙසේද පැවසුවේය.
වියත් මගෙන් පැමිණි වියතුන් තමන්ගේ උගත්කම භාරදීලා බාර් ලයිසන්, රුපියල් ලක්ෂ 2000 ට 3000 ට මහින්ද රාජපක්ෂ කඳවුර පාවාදීලා ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉතිරිවුණු එකම කෙනා නාලක කෝට්ටේගොඩ මහතායි. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහන දිසානායක සියලු දෙනා පැන ගියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලයේ ඇමැතිකම් ලබාගෙන සංවර්ධනය කළා. නමුත් ඒවාට සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. නමුත් අවසානයේ අපිව දාලා ගියා. ඒ වලොවේ මාතලේ දිස්ත්‍රික්කයේ අභිමානය ආරක්ෂා කරගන්න නාලක කෝට්ටේගොඩ මහතා සමත් වුණා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 10 ක් හිමිවුණා. එහෙම මුදල් අරගෙන අපේ කඳවුරෙන් වෙන්ව ගියා. මෙතන ඉන්න පිරිස සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා. නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව අරගෙන තිබෙන ජවය අපිට පේනවා. 22 දාට නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති බවට පත්වන්නේ නාමල් රාජපක්ෂ බව පැහැදිලි වෙනවා. අවසන් මැතිවරණයේ දී අපිට ඡන්ද ලක්ෂ 69 ක් තිබුණා. ඒ නිසා අපි බිය වියයුතු නැහැ. වැඩිපුරම වැඩ කලේ අපි නම් කිසිවෙකුට බිය වියයුතු නැහැ. ජේ.ආර් ජයවර්ධන 83 කළු ජුලිය හදලා 30 වසරක යුද බිය ඇති කළා. රණසිංහ ප්‍රේමදාසට ඒක නතර කරන්න නොහැකි වුණා. ගම්උදාව, ජනසවිය හැර රණසිංහ ප්‍රේමදාස කිසිවක් කළේ නැහැ. ඩී.බී විජේතුංගත් මේ රටට කිසිවක් කළේ නැහැ. නූතන විහාර මහාදේවිය කියලා ගෙනාව චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් යුද්ධය අවසන් කරන්න නොහැකි වුණා. නමුත් 2005 දී බලයට ආව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරන්න කියලයි.
ඒ මහතා කිවුවා වගේ අවුරුදු තුනෙන් යුද්ධය අවසන් කළා. ඒ අනුව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වෙනවා. ඒ කඳවුර නියෝජනය කරන ජාතිය අපි. මහින්ද රාජපක්ෂ මහතා මේ රට දැවැන්ත පරිවර්තනයකට ගෙනාවා. එතුමාගේ කඳවුරේ ඉන්න අපිට ලැජ්ජා නැද්ද කියලා කවුරු හරි අහනවා නම් ඒ අයට රටේ සත්‍යය පිළිබඳ අවබෝධයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා රටට දැනෙන්න යමක් කළේ නැහැ. මිනී මරන්නේ නැතිව අභය දානය දෙන්න මහින්ද රාජපක්ෂ මහතා සමත්වුණා. මේ රටට අවස්ථා දෙකක දී අභය දානය දුන්නා. මෙවර ඡන්දයෙන් අපි දිනනවා. අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ නොම්මර එකේ මිනීමැරුවා. ඔවුුන් භීෂණය වපුරනවා. අනුර කුමාර දිසානායක බලයට පැමිණි ගමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා කිවුවා. ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව සහ නිවාස ඉවත් කරනවා කිවුවා. රනිල් වික්‍රමසිංහගේ යාන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රීකුණාමලය නාවික කඳවුරට ගෙන ගොස් තමයි බේරා ගත්තේ. මේ රටේ යුද්ධය අවසන් කොට රටට සාමය ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතයි. තවමත් ජාත්‍යන්තරය තුළ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තවමත් නතර වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතා මරා දමන්න ගන්නා උත්සාහය වහාම හෙළි කරන්න කියා මම අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලනවා.

