Image

එළඹෙන 21 වනදා හදිසි ආපදාවන්ට මුහුණ දෙන්න සියල්ල සුදානම්.!

එළඹෙන (21) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අතරතුර හදිසියේ ආපදාවන් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නාවික හමුදාවට, යුද හමුදාවට සහ ගුවන් හමුදාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපද‍ා ඇති වුවහොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඔරු අගුල් බැකෝ යන්ත්‍ර යනාදිය සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියළුම තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

වර්ෂාව සමඟ නාය යෑම් සහ ගස් කඩා වැටීම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ විට දක්නට ලැබෙන තත්ත්වයක් බැවින් එවැනි තත්ත්වයන් ඇති වුවහොත් කඩා වැටෙන පස් කඳු ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර සූද‍ානම් කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.