ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට දේශප්‍රේමයේ ජන බලවේගය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත.
යාපනය ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජනවර්ග අතර අවිශ්වාසය, අසමගිය හා වෛරය ඇතිවී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ එම පැමිණිල්ල ගොනුකර ඇත.

