දිවයින පුරා සියලු පාසල් වලට ජනාධිපතිවරණය වෙනුවෙන් හෙට (20) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර ඇතැම් ප්‍රදේශ වල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් මෙම මස 24 වැනි දින යළි ආරම්භ වේ.
මීට අදාළ නිවේදනය පහතින්,


