Image

මේ දේවල් කිසිවක් ඡන්ද මධ්‍යස්ථානයට ගේන්න බෑ.. පොලීසියෙන් දැනුම්දීමක්.!

ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව විශේෂ දැනුම්දීමක් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කළේ,

“තමන්ගේ ඡන්ද ප්‍රකාශ කරන්න එන විට පුරවැසියාටත් වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයකට සිහිබුද්ධියෙන් එන්නට. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා උදෑසන වන විටත් මත්පැන් පානය කරලා තමගේ ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න බැරි ආකරයට, තමන්ට තීරණයක් ගන්න බැරි ආකාරයට, මධ්‍යසාර පාවිච්චි කරලා එන පිරිස් ඉන්නවා.

ඒ අයට තමයි විශේෂයෙන් දැනුම් දුන්නේ. ඒ තමා කරන දේ පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කරන්න එන්න ඕනේ.  ඒ වගේම ඒ ඡන්ද මධ්‍යස්ථානයට බාධාවක් නොවන ලෙස එන්නට ඕනේ. බීමත් ආකාරයට යම්කිසි පුද්ගලයෙක් ඒ ස්ථානයට එනවානම් පොලීසියට සිදුවෙනවා ඉවත් කරන්න.

ඒ වගේම සමහර පුද්ගලයෝ තියුණු ආයුධ, කුඩා පිහි කැබලි, නියන් වගේ දේවල්. සමහරවිට ඔහු රැකියාවට යන අවස්ථාවේ වෙන්න පුළුවන් ඒවත් අරගෙන සමහර වෙලාවට ඡන්දය දාන්න එන අවස්ථා අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා එවැනි දේවල් කරන්න එපා. එවැනි දේවල් රැගෙන ආවොත් අපි ඡන්ද මධ්‍යස්ථානය ඇතුළට යන්න දෙන්නේ නැහැ.

ඒ නිසා එවැනි දේවල් අපි පරික්ෂාකරනවා. එවැනි දේවල් රැගෙන එන්න එපා. ඒ වගේම ජංගම දුරකථන. මොකද ඡන්ද ප්‍රකාශ කරන්න යන අවස්ථාවේ දුරකථනය නාද වෙන්න පුළුවන් එතකොට ඒ ඡන්ද මධ්‍යස්ථානයට බාධාවක්. ඒ වගේම වීඩියෝ කරන්න පුළුවන්, ඒ වගේම කටහඬ පටිගත කරන්න පුළුවන්.

යම් ආකාරයට මේ සුළු සිදුවීමකින් එකම ඡන්ද මධ්‍යස්ථානයට බාධාවක් සිදුවෙනවානම්, සමස්තයට ඡන්දය ප්‍රකාශ කිරීමට එය බාධාවක් වෙන්න පුළුවන්.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.