Image

මැතිවරණ රාජකාරීවලට පොලීසියේ 63,000ක්: නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 63,000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63,000ක්, යුද හමුදාවේ 3000ක් සහ විශේෂ කාර්ය බළකායේ 2500ක් යොදවා තිබෙන බව ඔහු සඳහන් කළා.

තවද ජංගම මුර සංචාර වෙනුවෙන් පොලිස් නිලධාරින් 12,400ක් සහ මාර්ග බාධක 269ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් ප්‍රකාශකවරයා පැවසුවේ පොලිසීයට විමර්ෂණය කිරීම සඳහා අද දක්වා මැතිවරණ පැමිණිලි 464 ක් පමණක් ලැබී ඇති බවත්, ඉන් අපරාධමය පැමිණිලි 148ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 316ක් ලැබී ඇති බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.