Image

ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවා.!

පසුගියදා පැවැත්වුණු 2024 වසරට අදාල 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් ශිෂ්‍යත්ව විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින්තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ,

“පසුගිය සැප්තැම්බර් මස 15 වනදා 5 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වුවා. එහි ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් ඊට අදාලව පරීක්ෂණයක් පැවැත්වූවා.

එම පරීක්ෂණයේ මූලික පරීක්ෂණ වාර්තාව සමඟ CID එක මේ වනවිට පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.. එම පරීක්ෂණයේ නිගමන අනුව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා අපිට උපදෙස් ලබා දුන්නා.. අපි ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.