Image

සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි.!

අද (21) දිනයේ ජනාධිපතිවරණය පැවැත්වීම සහ මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු එළඹෙන (25) වනදා දක්වා අවලංගු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එහෙත් අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසට බන්ධනාගාර මූලස්ථානය සියලුම බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

TRENDING POST