Image

මේක ජනතාව තරහින් දුන් ඡන්දයක් මිසක් හොඳින් හිතා බලා දුන් එකක් නොවේ.!සුජීව

ඊයේ (24) පස්වරුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැස්වී විශේෂ සාකච්චාවක් සිදුකර තිබුනි.

එම සාකච්ඡාව සඳහා සහභාගී වූ එම පක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වූ බවයි.

එහිදී අදහස් දැක්වූ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා,

“අපි ඡන්ද කාලෙ කියපු දේවල් වලට හිත් රිදවීමක් උනානම් මම සමාව ඉල්ලනවා. ඉතින් ජනතාව එතුමාව තෝරලා තියෙනවා. අපි පක්ෂයක් විදියට උපරිම සහයෝගය දෙනවා ජනාධිපතිවරයාට. අපි බලාපොරොත්තු වෙනවා ඊලඟ මැතිවරණයේදී ශක්තිමත් ලෙස ජයග්‍රහණය කරලා ආණ්ඩුව ලබාගන්න.

මේක ජනතාව තරහින් දුන් ඡඅන්දයක් මිසක් හොඳට හිතලා බලලා දුන්නු ඡන්දයක් නෙවේ. මාස කිහිපයක් ඇතුලත එතුමට විශාල කාර්‍යක් කරන්න තියෙනවා. එතුමා තරහින් දේශපාලකයින් සමඟ කරපු කතා ඉතාම ආකර්ශනීයයි. නමුත් දැන් එතුමට එහෙම කතා කරන්න බෑ. එතකොට ඒක ආකර්ශනීයද නැද්ද කියල ඉදිරියට ජනතාව තීරණය කරයි.

මේක “Anti Establishment”ඔක්කොම එකයි කියලා දීපු ඡන්දයක්.. අපි බලමු ඉස්සරහට. බලය ගත්තට පස්සෙ එයාල කියපු දේවල් දැන් කරන්න වෙනවා.

TRENDING POST